ඊජිප්තු අන්තර්වාර රජය ඉල්ලා අස්වේ


බලාපොරොත්තු නොවූ අයුරින් ඊජිප්තු අන්තර්වාර අගමැති හසීම් බෙබ්ලාවි තම රජයේ ඉල්ලා අස්වීම හදිසියේම ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

රූපවාහිනිය හරහා ජනතාව අමතමින් අන්තර්වාර රජයේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළද, ඒ සඳහා පැහැදිලි හේතුවක් ඔහු සිදුකර නොතිබිණි.

නමුත්, රජයේ සේවකයන් මෙන්ම නගර සභා සේවකයන් විසින් දිගින් දිගටම සිදුකළ උද්ඝෝෂණ මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ඉල්ලා අස්වීම සිදුව ඇති බවද පැවසෙයි.

කෙසේ වෙතත් එරට රජයේ පුවත්පත ලෙස සැලකෙන අල්-අහ්රම් පුවත්පත වාර්තා කර තිබුනේ නව අගමැතිවරයෙකු පත්කර ගන්නා තුරු ඔහුට ධුරයේ රැඳී සිටින ලෙස ඉල්ලීමක් සිදුව ඇති බවයි.

විරුද්ධ පක්ෂවල විරෝධතා හමුවේ පසුගිය වසරේ ජූලි මාසයේදී හමුදා ක්‍රියාමාර්ගයකින් ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සි බලයෙන් පහකෙරුණු පසු හසීම් බෙබ්ලාවි අන්තර්වාර අගමැතිවරයා ලෙස පත් කෙරිණි.



Recommended Articles