ඊජිප්තුවේදී සංචාරකයන් පිරිසකට ඉස්ලාම් මූලධර්මවාදියෙකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් ජර්මානු කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
එරට, හුර්ගාඩා ප්‍රදේශයේ රතු මුහුද ආශ්‍රිත සංචාරක හෝටලයකදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, මෙම ප්‍රහාරකයා විදෙස් කාන්තාවන්ම පමණක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
කෙසේ වෙතත්, එම සංචාරක හෝටලයේ කාර්ය මණ්ඩලයේ දක්ෂතාව හේතුවෙන් තවත් මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට පෙර ඔහු මෙල්ල කරගැනීමට හැකිවී ඇත. පසුව මෙම ජිහාඩ් අන්තවාදියා විශේෂ කරත්තයක දමා එම ස්ථානයෙන් ඉවත්කර ආරක්ෂක අංශ වෙත භාරදීමට ඔවුන් කටයුතු කර තිබේ.
එමෙන්ම, මෙම ප්‍රහාරකයා අසල වෙරළ තීරය හරහා සංචාරක හෝටලය වෙත ඇතුළු වී ඇති අතර, ප්‍රහාරය සිදුකරන අවස්ථාවේදී තමාගෙන් ඈත්වී සිටින ලෙසත්, තමන්ට ඊජිප්තු ජාතිකයන් අවශ්‍ය නොවන බවත් කෑමොර දී ඇති බවද විදෙස් වාර්තා පවසයි.
ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය කාන්තාවන් දෙදෙනා යුක්රේන ජාතිකයන් දෙදෙනෙකු බව ආරක්ෂක අංශ මුලින් සඳහන් කළත්, පසුව ඔවුන් ජර්මානු කාන්තාවන් දෙදෙනෙකු බව පළාත් ආරක්ෂක ප්‍රධානියා තහවුරු කර තිබුණි.
එමෙන්ම, ප්‍රහාරයට ගොදුරු වී ඇති පුද්ගලයන් හය දෙනාම කාන්තාවන් බවත්, තුවාලකරුවන් සර්බියාව, පෝලන්තය හා චෙක් ජනරජයට අයත් බවට නිල නොලත් ආරංචි මාර්ග පවසන බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
නිරායුධ මිනිසුන් ඝාතනය කළ ප්‍රහාරකයා කවර සංවිධානයක උවමනාවට මෙම ප්‍රහාර සිදුකළේද යන්න බලධාරීන් මෙතෙක් අනාවරණය කර නොතිබුණත්, ඉස්ලාම් රාජ්‍යයේ IS ත්‍රස්තයන් ඊජිප්තුව වෙත වරින් වර ප්‍රහාර දියත් කළ බව අමතක නොකළ යුතු තත්ත්වයකි.