ඊජිප්තුව රජය කැබිනට් සංශෝධනයකට සූදානම්


ඊජිප්තු ජනාධිපතිවරණයට දෙමසක් තිබියදී එරට කැබිනට් සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවී තිබේ.

මෙම කැබිනට් සංශෝධනය යටතේ දේශීය සංවර්ධන, සංචාරක, සංස්කෘතික සහ රාජ්‍ය ව්‍යවසාය යන අමාත්‍යවරු හා අමාත්‍යාංශවල වෙනස්කම් සිදුවනු ඇත.

එමෙන්ම, මෙම කැබිනට් සංශෝධනය යටතේ නව නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුද පත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

ඊජිප්තුවේ අවසන් වරට කැබිනට් සංශෝධනය්ක සිදුවූ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය.

1_Egypt



Recommended Articles