ඊජිප්තුවේ කයිරෝ නගරයේ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වෙයි


ඊජිප්තුවේ කයිරෝ නුවර ආසන්නයේ ඇති හමුදා මුරපොළක් වෙත නාඳුනන තුවක්කුකරුවකු විසින් එල්ල කළ වෙඩි තැබීමකින් අවම වශයෙන් හමුදා සොල්දාදුවන් පස් දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම, මෙම ප්‍රහාරය සිදුවූ ස්ථානයට නුදුරින් තිබියදී පසුව බෝම්බ දෙකක් නිෂ්ක්‍රීය කෙරුණු බවද වාර්තා වෙයි.

මීට පෙර පසුගිය බ්‍රහස්පතින්දා කයිරෝ නුවරදී මුහුණ ආවරණය කරගත් තුවක්කු කරුවකු විසින් හමුදා බස් රථයකට වෙඩි තැබීමෙන් එක් හමුදා නිලධාරියකු මරණයට පත්වූ අතර තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදුවිය.

ඊජිප්තුවේ ක්‍රියාත්මක ඉස්ලාමීය සහෝදරත්වය වෙත මේ සම්බන්ධයෙන් දෝෂාරෝපණය එල්ල වී තිබුණත්, ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.

 



Recommended Articles