ඉස්ලාම් සටන්කරුවෙකු ලෙස වැරදී සෝමාලි ආරක්ෂක අංශ විසින් එරට රජයේ අමාත්‍යවරයෙකුට වෙඩි තබා තිබේ.
සෝමාලියාවේ, මොගඩිෂු අගනුවර ජනාධිපති මන්දිරය ආසන්නයේදී අමාත්‍ය අබ්දුල්ලායි අබාස් ඝාතනයට ලක්ව තිබුණේ ඔහුගේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදීය.
මෙම ඝාතනයත් සමග සෝමාලියානු ජනාධිපතිවරයා සිය ඉතියෝපියානු සංචාරයද අවලංගු කළ බව එරට රජයේ ගුවන්විදුලිය නිවේදනය කළේය.
අනාත කඳවුරක හැදී වැඩී තිබුණු ඝාතනයට ලක්වූ 31 හැවිරිදි අමාත්‍යවරයා පසුගිය නොවැම්බර් මාසයේදී සෝමාලියාවේ ළාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් තේරීපත් වූ අතර, පසුගිය පෙබරවාරි මාසයේදී ඔහු අමාත්‍ය ධුරයට පත්විය.