සිරියාවේ ඉස්ලාම් රාජ්‍යයට එරෙහිව සටන් වදින සිරියානු අරාබිවරුන්ට ආයුද තොගයක් සැපයූ බව ඇමෙරිකාව කියයි.
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් අත්පත් කරගත් අල්-ෂදාදි වෙත කෙමෙන් ළංවෙමින් සිටින සිරියානු අරාබිවරුන්ට සිය ප්‍රහාර වැඩිකර ගැනීම සඳහා මෙසේ ආයුද සැපයූ බව ඇමෙරිකාව කියයි.
ඊසානදිග සිරියාවේ සටන් වදිමින් සිටින සිරියානු අරාබිවරුන්ට මෙම ආයුධ තොගය ගොඩබිම් හරහා ප්‍රවාහනය කළ බවත්, මෙම සටනේ වූ සංවේදීතාව හේතුවෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පැවසිය නොහැකි බවත් ඇමෙරිකානු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ සාමාජිකයෙකු රොයිටර් පුවත්සේවයට පවසා තිබුණි.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ඔවුන් වෙත ගුවනින් ආයුධ සැපයීම ඇමෙරිකාව ආරම්භ කිරීමෙන් පසු මෙසේ ආයුධ සැපයූ තෙවැනි අවස්ථාව මෙය ලෙස සැලකෙයි.