සිරියාවේ ක්‍රියාත්මක IS ඉස්ලාම් රාජ්‍යයට එරෙහිව එල්ල කෙරෙන ගුවන් ප්‍රහාර තම රටවල ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන්නක් බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අවධාරණය කරයි.
මේ ආකාරයෙන් ඉස්ලාම් රාජ්‍යයට ප්‍රහාර එල්ල කිරීම බ්‍රිතාන්‍ය ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වීමක් බවට පවතින අදහසද අගමැතිවරයා බැහැර කර තිබේ.
ඔහු එරට පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කර ඇත්තේ බ්‍රිතාන්‍ය දැනටමත් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ඉලක්කයක් බවයි.
එහිදී, ඔවුන් සමග ගනුදෙනු කළ හැකි එකම ක්‍රමවේදය ඔවුන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම බව අගමැතිවරයා අවධාරණය කරයි.