නව අවුරුදු උදාව සිදුවූ රාත්‍රියේදී තුර්කියේ, ඉස්තාම්බුල් නුවර රාත්‍රී සමාජ ශාලාවකට කඩා වැදී වෙඩි තැබීම් සිදුකරමින් පුද්ගලයන් 39 දෙනෙකු මරා දැමූ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදියා හඳුනාගෙන ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.
මෙම ප්‍රහාරයෙන් පසුව පළාගොස් තිබූ ඝාතකයා පිළිබඳ අලුත්ම තොරතුරු අනාවරණය කරමින් තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලට් කවුසෝග්ලූ මේ බව පවසා සිටියත්, ත්‍රස්තවාදියාගේ නම හෝ ඔහුගේ ජාතිකත්වය අනාවරණය නොකළේය.
එමෙන්ම, ඉරිදා අලුයම් කාලයේ රෙයිනා රාත්‍රී සමාජ ශාලාව වෙත එල්ල කෙරුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් සමග සබඳතා පවත්වන්නේ යැයි සැකපිට තවත් පුද්ගලයන් 20ක් පමණ මේ වනවිට තුර්කි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් වාර්තා පවසයි.
එරට ප්‍රතිත්‍රස්ත බලඇණියක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති අතර, එම පිරිස අතර කාන්තාවන්ද 11 දෙනෙකු සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්වූවන් මෙම ප්‍රහාරයට සම්බන්ධ ඝාතකයා සමග ජීවත්ව ඇති පිරිස් බවත්, මෙම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සමග හමුදා ආම්පන්න රැසක් ආරක්ෂක අංශ භාරයට පත්ව ඇති බවත් විදේශ අමාත්‍යවරයා පවසයි.
මෙම ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය විසින් භාරගත් අතර, එය 2017 වසරේ සිය ප්‍රථම මහා ප්‍රහාරය ලෙසද පවසා තිබුණි.