නව අවුරුදු උදාව සමග තුර්කියේ ඉස්තාම්බුල් නුවර රාත්‍රී සමාජ ශාලාවක සිදුකළ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් භාරගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඉස්ලාම් රාජ්‍ය පවසා ඇත්තේ තම වීර සොල්දාදුවෙකු එම ප්‍රහාරය දියත් කළ බවයි.
ඉස්තාම්බුල් නගරයේ, රෙයිනා රාත්‍රී සමාජ ශාලාව වෙත ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදියා ඇතුළු වූ විවෘත වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේදී නව අවුරුදු උදාව සැමරීමට පුද්ගලයන් 600ක් පමණ එහි රැඳී සිට තිබුණි.
මෙම ම්ලේච්ඡ ඝාතකයා උණ්ඩ 180ක් පමණ වෙඩි වරුසාවක් සමග සමාජ ශාලාවට ඇතුළු වී සිදුකළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
මෙම ප්‍රහාරකයා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, සැකපිට පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට පත්වූ බව තුර්කි බලධාරීහු පවසති.
අසල්වාසී සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහිව තුර්කිය හමුදාමය ක්‍රියාමාර්ගයක් ඇරඹීමත් සමග එරට තුළ පසුගිය වසර පුරා ත්‍රස්ත ප්‍රහාර රැසක් සිදුවිය.