එකිනෙකා ඉවසීම, අත්වැරැද්දට සමාවදීම සහ අතපසුවීම් සිතෙහි පැසවීමට ඉඩ නොතබා ඒවා අමතක කරදැමීම සිය විවාහ දිවියේ රහස බව 80 වැනි විවාහ සංවත්සරය සමරණ බ්‍රිතාන්‍ය ජාතික කෙයේ යුවළ පවසයි.
දෙවැනි ලෝක යුද්ධය ඇරඹීමට වසර 10කට පෙර මුණ ගැසී ඇති කෙයේ යුවළ, ඉන් වසර කිහිපයකට පසුව විවාහ වී පසුගිය මාසයේදී සිය 80 වැනි විවාහ සංවත්සරය සමරනු ලැබුවේ ලොව පුරා මාධ්‍යයන්ගේ සිරස්තලයක් බවට පත්වෙමිනි.
මොරිස් කෙයේ සහ හෙලන් කෙයේ නව යොවුන් වියේ පෙම්වතුන් ලෙස මුණ ගැසෙන විට ඔහුගේ වයස අවුරුදු 17කි. ඇගේ වයස අවුරුදු 16කි. ඔවුන් ප්‍රථම වරට එකිනෙදා දැක ඇත්තේ 1929 වසරේදීය.
කෙසේ වෙතත් 80 වැනි විවාහ සංවත්සරය සමරන මොරිස් කෙයෙගේ දැන් වයස අවුරුදු 102 ක් වන අතර, හෙලන්ගේ වයස අවුරුදු 101කි.
හෙලන්ට වැඩි මහල් සහෝදරියක් සිටි නිසා මවගේ ඉල්ලීම අනුව එම සහෝදරිය විවාහ කරදීමෙන් පසු, තවත් වසර හතරකින් මොරිස් සමග දීග ගිය බව ඇය අද සිහිපත් කරයි.
ඔබ දෙපල තවමත් පෙම් කරන්නේ දැයි මාධ්‍යවේදියෙක් විමසූ විට ඔවුන් දෙදෙනාම එකවර කියා ඇත්තේ, 'ඇත්තෙන්ම අපි තාමත් ආදරය කරනවා' යනුවෙනි.