ඉරාන විශ්වවිද්‍යාල පද්ධතිය නිදහස් කිරීමට ජනපති සැරසේ


ඉරාන විශ්වවිද්‍යාල පද්ධතියට විශාල නිදහසක් හිමිවිය යුතු බව ඉරාන ජනාධිපති හස්සන් රොයුහානි පවසයි.

ටෙහෙරාන් විශ්වවිද්‍යාලයේ සිසුන් අමතමින් ප්‍රතිසංස්කරණවාදී ජනාධිපතිවරයා, තහංචි හේතුවෙන් නිවෝත්පාදනය සීමාවන බව අවධාරණය කළේය.

නොගැළපෙන තහංචි පැනවීමට යාමෙන් දරාගැනීමේ හැකියාව හීන කරනවා. අවංක හා සෘජු බව මෙන්ම, එකිනෙකාගේ කාර්යක්ෂමතාව හීන වෙනවා යැයි ජනාධිපතිවරයා පැවසීය.

ඉරාන අධ්‍යාපන පද්ධතියේ ප්‍රතිසංස්කරණවලට විරෝධය දක්වන විරුද්ධ පක්ෂ සමගම ජනාධිපතිවරයා මීට පෙර කතා කර තිබුණි.

 

 



Recommended Articles