ඉරානය සමග මූලික න්‍යෂ්ටික එකඟතාවකට පැමිණීමේ අවසන් දිනය වන හෙට දිනයට පෙර අද දිනයේදී ස්විට්සර්ලන්තයේදී එම සාකච්ඡා නැවත ආරම්භ වී තිබේ.
ලෝක බලවතුන් හය දෙනෙකු නියෝජනය කරමින් විදේශ අමාත්‍යවරු ඉරාන නියෝජිතයා සමග සාකච්ඡා පවත්වා ඇති අතර, මාස 18කට පසුව පැවැත්වෙන මෙම සාකච්ඡා ඵල දරණු ඇති බවට දෙපාර්ශ්වයම විශ්වාස කරති.
ඉරානය මෙන්ම විදේශ බලධාරීන් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ එකඟතාව ක්‍රියාවට නැංවීමට බාධාවක් නොතිබුණත්, ඇතැම් කාරණා සම්බන්ධයෙන් තවමත් අවසන් විසඳුමකට පැමිණ නැති බවයි.