ඔබාමා යුගයේ ඉරානය සමග ඇති කරගත් න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ එකඟතාවයෙන් ඇමෙරිකාව ඉවත්වන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.
එම එකඟතාව නටඹුන් බවට පත්වූ සහ නරක්වූ ලියවිල්ලක් බව පවසා සිටි ට්‍රම්ප්, ඇමෙරිකානුවෙකු ලෙස මෙවැන්නක් දරා සිටීමට තමන්ට කිසිසේත්ම සිත් නොදෙන බවද කියා සිටියි.
ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍යය, චීනය, රුසියාව යන රටවල් 06 වර්ෂ 2015 ඔබාමා පාලන සමයේදී ඉරානය සමග මෙම න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ එකඟතාවට අත්සන් තැබීය.
ඉන් ඉරානයට එතෙක් කලක් පනවා තිබූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, යුරෝපා සංගමයේ මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ සම්බාධක රැසකින් නිදහස් වීමට අවස්ථාව හිමිවිය.
නමුත්, මෙය සම්පූර්ණයෙන්ම ඉරානයට පමණක් වාසි සහගත වූවක් බවට චෝදනා කරන ට්‍රම්ප්, ඔවුන් එම එකඟතාව අනුව ක්‍රියා නොකරන බවද අවධාරණය කරමින් ඉන් ඉවත්වී තිබේ.
ඇමෙරිකානු ජනපතිවරයා මෙම ප්‍රකාශයෙන් පසුව යළිත් ඉරානය වෙත සම්බාධක පැනවීමේ ලියවිල්ලකටද අත්සන් තබා ඇත.
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමග ඉරාන ජනාධිපති හස්සන් රොයුහානි පවසා තිබුණේ මෙම එකඟතාව ඔවුන්ගේ කැපවීමේ මට්ටමට ගෞරව නොකරන බවට ඇමෙරිකාව චෝදනා කරන බවයි.
ඒ අනුව, තම න්‍යෂ්ටික බලශක්ති ආයතනය වෙත ඔවුන්ගේ ඉදිරි පියවර ගැනීම සඳහා උපදෙස් ලබාදුන් බවද ඉරාන ජනාධිපතිවරයා පවසයි. ඒ අනුව, කාර්මික මට්ටමින් කිසිදු සීමාවකින් තොරව මින් ඉදිරියට න්‍යෂ්ටික බලශක්තිය උත්පාදනය සඳහා ඔවුන්ට හැකියාව පවතින බවත් රොයුහානි අවධාරණය කරයි. කෙසේ වෙතත්, මෙම වැඩසටහන සමග අත්සන් කළ සෙසු පාර්ශ්වයන්ද මුණ ගැසී තීරණයක් ගැනීමට ඉදිරි සති කිහිපය වැය කරන බවත් රොයුහානි පවසා තිබේ.