ඉරාන ජනාධිපතිවරණයේ මූලික ප්‍රතිඵලවලට අනුව වත්මන් ජනපති හස්සන් රොයුහානි දෙවැනි ධුර කාලයටත් එරට ජනපති වීමේ පුරෝකථන පෙන්වන බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ඔහු සමග තරග කළ ප්‍රබල ප්‍රතිවාදියා වූ කන්සර්වේටිව් ඒබ්‍රාහීම් රයිසි විසින්මැතිවරණ දූෂණ හා අක්‍රමිකතා රැසක් සිදුවූ බවට චෝදනා කර තිබේ.
විශේෂයෙන්ම එරට මැතිවරණ නීතියෙන් තහනම් කර ඇති දූෂණ හා අක්‍රමිකතා රැසක් රොයුහානිගේ ආධාරකරුවන් විසින් ඡන්ද මධ්‍යස්ථානවලදී සිදුකර ඇති බව ඔහු පෙන්වා දී තිබේ.
මේ අතර, මැතිවරණයේදී ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට විශාල උනන්දුවක් පෙන්වීම නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය මධ්‍යම රාත්‍රිය දක්වා පැය 5කින් දීර්ඝ කිරීමද මෙවර විශේෂත්වයක් ගෙන තිබුණි.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ 70% කට වැඩි අවම වශෆයන් මිලියන 40කට වැඩි ඡන්ද ප්‍රමාණයක් මෙවර වැටී තිබූ බවයි.
මේ අතර, එරට මැතිවරණ බලධාරීන් පවසා සිටියේ තමන් වෙත ලැබුණු ඉල්ලීම් හා ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට දැක්වූ උනන්දුව සැලකිල්ලට ගනිමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය දීර්ඝ කළ බවයි.
හස්සන් රොයුහානි මෙවර මැතිවරණ ව්‍යාපාරයේදී නවීන දැක්මකින් හා බාහිර ලෝකය සමග බද්ධ වන ඉරානයක් පිළිබඳව කතා කළ අතර, ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇමෙරිකාව ප්‍රමුඛ ලෝකය සමග හොඳහිත දිනාගනිමින් කටයුතු කරන බවද පොරොන්දු වී තිබුණි.