හොර්මූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇමෙරිකානු යුද නෞකාවක් හා තවත් වෙළෙඳ නැව් සමූහයක් ආසන්නයේ රොකට් ප්‍රහාර පරීක්ෂාවක් සිදුකරමින් ඉරානය ඇමෙරිකාවේ ඉවසීම පරීක්ෂා කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉරානය හා ඇමෙරිකාව අතර ඇති කෙරෙමින් පවතින ඓතිහාසික න්‍යෂ්ටික ගිවිසුම අභියස සිදුවූ මෙම සිදුවීම එකී සහයෝගය පළුදු කරන්නක් බවටද චෝදනා නැගෙයි.
ඇමෙරිකානු යුධ නෞකාවට යාර 1,500ක් පමණ දුරින් ඉරානය විසින් මෙම රොකට් වෙඩි ප්‍රහාර පරීක්ෂාව සිදුකර තිබේ.