ඉරානයේ සම්බාධක හිම කන්ද දියවෙයි


ඉරානයේ යුරේනියම් ජව ගැන්වීමේ වැඩපිළිවෙළ අත්හිටුවීම අධීක්ෂණය සඳහා පැමිණි එක්සත් ජාතීන්ගේ අධීක්ෂණ නිලධාරීන් එරට ටෙහෙරාන් නගරය වෙත පැමිණ ඇති බවත්, මේ වටපිටාව තුළ ඉරානය සිය න්‍යෂ්ටික ගිවිසුමේ එකඟතා ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇති බවත්, ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරිය පෙන්වා දෙයි.‍

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු ඉදිරිපත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත්, ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරියේ ප්‍රධානී අලි අඛ්බාර් සලේ පවසා ඇත්තේ ඉරානයට එරෙහිව පනවා තිබූ සම්බාධක හිම කන්ද මේ වනවිට දියවිමට පටන්ගෙන ඇති බවයි.

දෙපාර්ශ්වය එකඟවී ඇති ගිවිසුමේ කොන්දේසි ප්‍රකාරව ඉරානය සිය යුරේනියම් බලගැන්වීම 20% කින් අඩුකළ යුතු අතර, ඒ වෙනුවෙන් ඇමෙරිකාව සහ යුරෝපා හවුල ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක අවම කිරීමට පියවර ගත යුතු වෙයි.

 



Recommended Articles