ඉරාකය ඒකාබද්ධ රජයක් පිහිටුවයි


සුන්නි සහ කුර්දිස්ථාන නියෝජ්‍ය අගමැතිවරුන්ගෙන් සමන්විත නව ඉරාක රජය සඳහා එරට පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

ඉරකායේ හිටපු අගමැති නොයුරි අල් මලිකි බලයෙන් ඉවත් කිරීමෙන් පසුව ඉරාකයට අවශ්‍යව තිබූ ඒකාබද්ධ රජය මේ සමගම පිහිටුවා ඇති බව විදෙස් මාධ්‍ය මෙන්ම ඇමෙරිකාවද පවසයි.

ෂියා මුස්ලිම්වරු නියෝජනය කරන වත්මන් අගමැති හයිදාර් අල් අදාබි, සුන්නි දේශපාලන නායක සලේහ් අල්-මුට්ලාක් සහ කුර්දි නායක හොෂ්යාර් සෙබාරි අතර මෙම නව රජයේ බලය බෙදීයාම සිදුව තිබෙන බව පැවසෙයි.

සිරියාව සහ උතුරුදිග ඉරාකය සම්බන්ධ කරගනිමින් ඉස්ලාම් රාජ්‍යයක් බිහිකිරිම සඳහා ක්‍රියාත්මක වන ISIS සුන්නි ඉස්ලාමීය සටන්කාමීන් මර්දනය සඳහා මෙම ඒකාබද්ධ රජය පිහිටුවාගැනීමේ මූලිකම අරමුණ වී ඇති බව එරටින් වාර්තා වෙයි.



Recommended Articles