IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහිව ඉරාකය ගෙනගිය යුද්ධය ජයග්‍රහණයකින් කෙළවර කළ බව ඉරාක රජය නිල වශයෙන් දැනුම් දෙයි.
ඉරාක අගමැති හයිදර් අල්-අබේදි බැග්ඩෑඩ් අගනගරයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ සිරියානු - ඉරාක දේශසීමාවේ සම්පූර්ණ බලය මේ වනවිට ඉරාක රජයේ හමුදා සතු බවයි.
IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට අවසන් වශයෙන් ඉරාකයේ හිමිව තිබූ රාවා නගරයේ බලයද පසුගිය නොවැම්බර් මාසයේ ඔවුන්ට අහිමි වීමත් සමග සමස්ත ඉරාකයෙන් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය අතුගා දැමීමට සමත්ව තිබේ.
අසල්වාසී සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහිව රුසියාව ගෙනගිය ගුවන් ප්‍රහාර සම්පූර්ණයෙන්ම අවසන් බවත්, සිය මෙහෙයුම සාර්ථක බවත් රුසියාව නිවේදනය කර දින දෙකකට පසුව ඉරාකයද මේ ආකාරයෙන් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයේ බිඳ වැටීම සපථ කර ඇත.
2014 වසරේදී ඉරාකයේ සහ සිරියාවේ විශාල ප්‍රදේශයක බලය සියතට ගත් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට ක්‍රමයෙන් තම සිහින රාජ්‍ය බිඳ වැටීයන ආකාරය දෙස බලා සිටීමට සිදුවූ අතර, පසුගිය වසර දෙකක කාලය තුළ ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය ඉරාකය කේන්ද්‍ර කරගනිමින්ද, රුසියාව සිරියාව කේන්ද්‍ර කරගනිමින්ද එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාර මාලාවක අවසානය ඉස්ලාම් රාජ්‍ය සිහිනය බොඳව ගොස් ඇත.
මේ වනවිට ඉරාකයේ අවසානයේ ඉතිරිව සිටි IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සාමාජිකයන් අසල්වැසි සිරියාවට සහ තුර්කියට පැනගොස් ඇති බව කියැවෙයි.