ඉරාකයේ, සුන්නි අන්තවාදීන්ගේ පාලනයේ පවතින ෆලූජා නගරයේ රෝහලක් වෙත රජයේ හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාර වැදී ඇති බව වාර්තා වෙයි.
සාමාන්‍ය ජනතාව සිටින ස්ථාන වෙත ෂෙල් ප්‍රහාර දියත් නොකරන ලෙස ඉරාක අගමැති හයිදර් අල් අබාදිඑරට හමුදාවට පැවසීමෙන් දිනකට පසු මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙම ප්‍රහාරයෙන් රෝහල් සේවකයෙකු තුවාල ලබා ඇති බව රෝහල් බලධාරීහු බී.බී.සී.යට පවසා තිබේ.
මේ අතර, ෆලූජා හා රාමාදි වැසියන් පවසන්නේ රජයේ හමුදාවන්ගෙන් එල්ලවන ප්‍රහාරවලින් බේරීමට ඔවුන්ට දැන් සිදුව ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම නගර දෙක සුන්නි අන්තවාදීන් විසින් අල්ලාගනු ලැබුවේ පසුගිය දෙසැම්බර් මාසයේදීය. බහුතර සුන්නි වැසියන් ජීවත්වන ප්‍රදේශයක් ලෙස මෙම ප්‍රදේශ සැලකෙන අතර, එම ජනතාවගේ මැසිවිලි රජයේ හමුදාවන් කෙරෙහි අප්‍රසාදය ඇති කිරීමට සුන්නි අන්තවාදීන්ගේ බලපෑම මත සිදුවන්නක් බවටද මත පවතී.