ඉරාකයේ තත්ත්වය ඇෆ්ගනිස්තානයේ ඇති නොවන බව කියයි


මේ වසර අවසානයේදී ඇමෙරිකාවේ සිටින විදෙස් හමුදාවන් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වූ විට වර්තමානයේ ඉරාකයේ ඇතිවී තිබෙන ආකාරයේ අර්බුදයක් ඇෆ්ගනිස්තානය තුළ ඇති නොවෙනු ඇති බව තමා විශ්වාස කරන්නේ යැයි එරට සිටින බ්‍රිතාන්‍ය හමුදාවේ ජ්‍යෙෂ්ඨයෙකු බී.බී.සී.ය වෙත පවසා තිබේ.

ඇෆ්ගනිස්තානයේ සිටින ලුතිනන් ජෙනරාල් ජෝන් ලෝරිමර් පෙන්වා දෙන්නේ ඉරාකයේ සහ ඇෆ්ගනිස්තානයේ පවතින තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් බවයි.

කෙසේ වෙතත් ඉරාක හමුදා මේ වනවිට ජිහාඩ් සුන්නි අන්තවාදීන්ගෙන් සැදි ත්‍රස්තයන් සමග දැවැන්ත අරගලයකට මුහුණ දෙමින් සිටී.

බ්‍රිතාන්‍ය හමුදාවේ හිටපු ප්‍රධානියෙකු වූ ලෝඩ් රිචාඩ්ස් විසින් ඉරාකයේ ඇතිවී තිබෙන තත්ත්වය ඇෆ්ගනිස්තානය තුළද ඇතිවීමේ හැකියාවක් පවතින්නේ යැයි කියා තිබූ අදහසට ලුතිනන් ජෙනරාල් ජෝන් ලෝරිමර් මෙසේ පිළිතුරු දී තිබුණි.

 



Recommended Articles