ඉබෝලා වැළඳුණු වෛද්‍යවරයා ඇමෙරිකාවේදී නසී


ඉබෝලා වැළඳුණු සියෙරා ලියෝන් රාජ්‍යයේ ශල්‍ය වෛද්‍යවරයෙකු ඇමෙරිකාවේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

මාර්ටින් සලෙයි නමැති මෙම වෛද්‍යවරයා ඇමෙරිකානු කාන්තාවක සමග විවාහ වී ඇති නිසා ඔහු මෙසේ ප්‍රතිකාර සඳහා සිය ඇමෙරිකාව වෙත පැමිණ තිබේ.

කෙසේ වෙතත් පසුගිය සඳුදා උදෑසන මෙම වෛද්‍යවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඔහු ප්‍රතිකාරගත් නෙබ්රස්කා වෛද්‍ය මධ්‍යස්ථානය තහවුරු කර ඇති අතර, වෛරසය ශරීරගත වීමෙන් පසු ඇමෙරිකාව තුළදී මියගිය දෙවැනි පුද්ගලයා බවට ඔහු පත්වෙයි.

මේ වනවිට ඉබෝලා හේතුවෙන් පුද්ගලයන් 5,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටින අතර, මින් බහුතරය බටහිර අප්‍රිකානු රටවල වැසියන්ය.   



Recommended Articles