ඉබෝලා රටවලින් සහන සේවකයන් පිටවීම වැරදියි - බැන් කී මුන්


ඉබෝලා වසංගතයට ගොදුරුව සිටින සහන සේවකයන් බටහිර අප්‍රිකානු රටවලින් පිටත්වීම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මුන්ගේ විවේචනයට ලක්ව ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

මෙම අර්බුදය සමග සටන් කිරීමට සහන සේවකයන් වැඩි වශයෙන් අවශ්‍ය අවස්ථාවක මෙසේ රටින් ඉවත්ම යාම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව මහ ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

වසංගතය පාලනය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තරයෙන් ලැබෙන සහාය තවමත් ප්‍රමාණවත් නොමැති වුවත්, මේ වනවිට තත්ත්වය පාලනය කිරීම තරමක් දුරට නතු කරගෙන ඇති බවද හෙතෙම පවසයි.

 



Recommended Articles