බටහිර අප්‍රිකානු කලාපයට බලපා ඇති ඉබෝලා වසංගතය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වනවිට 5,000 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඒ අනුව, මේ වනවිට ඉබෝලා වෛරසය ශරීරගත වීමෙන් මියගිය පිරිස 5,160 දක්වා වැඩි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.
මෑත කාලීන සිදුවීම් දෙස බැලීමේදී ගිනිහා හා ලයිබීරියා යන රටවල ඉබෝලා පැතිරීමේ වේගය අඩාල වී තිබුණත්, සියෙරා ලියෝන් හි තත්ත්වයේ වෙනසක් නොමැති බවද කියයි.
මේ වනවිට ලොව පුරා පුද්ගලයන් 14,000ක් ඉබෝලා වෛරසයට ගොදුරු වී ඇති අතර, ඉන් බහුතරය බටහිර අප්‍රිකානු කලාපයේ වෙසෙති.