ඉබෝලා මරණ 3000 ඉක්මවයි - WHO


බටහිර අප්‍රිකාවේ පැතිර යන ඉබෝලා වෛරසය හෙතුවෙන් මරණයට පත්වූ පිරිස 3,000 ඉක්මවා යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

නවතම දත්ත වාර්තාවන්ට අනුව කලාපය තුළ ඉබෝලා වැළඳුණු පිරිස 6,500ක් බවටද වාර්තා වෙයි.

ඉන් වඩාත්ම බරපතල තත්ත්වයක් පසුවන රට ලෙස ලයිබිරියාව හඳුනාගෙන ඇති අතර, එරට පමණක් පුද්ගලයන් 1,830ක් ඉබෝලා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම මාරාන්තික වෛරසය ගෝලීය ආරක්ෂාවට ඉමහත් තර්ජනයක් බව ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාද මිට පෙර පවසා තිබුණි.

ඇතැම් වාර්තාවන්ට අනුව, එළැඹෙන නොවැම්බර් වනවිට ඉබෝලා ආසාධිතයන් ප්‍රමාණය 20,000 ඉක්මවනු ඇත.



Recommended Articles