බටහිර අප්‍රිකාව තුළ පැතිරී යන ඉබෝලා වසංගතය පිටුදැකීම වෙනුවෙන් ස්වේච්ඡා සෞඛ්‍ය සේවයට දහස් ගණනින් පුද්ගලයන්ට එකතු වන ලෙස ලෝක බැංකු ප්‍රධානියා විසින් විවෘත ආයාචනයක් කර තිබේ.
ලෝක බැංකු ප්‍රධානී ජිම් යොන්ග් කිම් පවසන්නේ රෝගය පිටුදැකීමට නම් අවම වශයෙන් 5,000ක පමණ ස්වෙච්ඡා සෞඛ්‍ය සේවක පිරිසක් හා සහායක පිරිසක් කඩිනමින් අවශ්‍යව ඇති බවයි.
බොහෝ විට ඉබෝලා මාරාන්ති වෛරසයක් ලෙස ප්‍රකට වීම තුළ ඇතැම් අය බටහිර අප්‍රිකාව වෙත යෑමට පසුබට වන බවද ලෝක බැංකු ප්‍රධානියා පවසයි.
ඉබෝලා වෛරසයේ වත්මන් පැනනැගීමත් සමග මේ වනවිට එම වංගතයට ගොදුරු වූ පිරිස 10,000 ඉක්මවා යන අතර, ඒ හේතුවෙන් ජීවිතක්සයට පත්වූ පිරිස 5,000කට ආසන්න වී තිබේ.
ඉතියෝපියාවේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මුන් හා අප්‍රිකානු සංගමයේ සභාපති න්කෝසාසානා ඩ්ලාමිනි-සූමා සමග සාකච්ඡා පවත්වමින් ලෝක බැංකු ප්‍රධානියා මෙසේ අදහස් දක්වා තිබේ.