ඉබෝලා පාලනයට කියුබාවෙන් සෞඛ්‍ය විශේෂඥයන්


බටහිර අප්‍රිකාව තුළ ඉතා දරුණු ලෙස පැතිරී යන ඉබෝලා වෛරසය පාලනය කිරීම වෙනුවෙන් විශේෂඥ සෞඛ්‍ය නිලධාරීන් 165ක් බටහිර අප්‍රිකාව වෙත යැවීමට කියුබාව තීරණය කර තිබේ.

කියුබානු වෛද්‍යවරු, හෙදියන් සහ බෝවන රෝග පාලන විශේෂඥයන් මේ අතර සිටින අතර, මොවුන් ලබන ඔක්තෝබර් මාසයේදී සියෙරා ලියෝන් වෙත පැමිණ මාස 6ක කාලයක් එහි සේවය කිරීමට සූදානම් වෙයි.

බටහිර අප්‍රිකාව තුළ තවදුරටත් ඉබෝලා පැතිරීම සම්බන්ධයෙන් වාර්තා වන බවත්, තත්ත්වය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් පැතිරෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කිරීමෙන් පසුව කියුබාව මෙම නිවේදනය නිකුත් කළේය.

මේ වනවිට, ඉබෝලා හේතුවෙන් පුද්ගලයන් 2,400ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයන් 4,700කට පමණ රෝගය වැළඳී ඇති බව පැවසෙයි.

එහිදී, ලයිබීරියාව, සියෙරා ලියෝන් සහ ගිනියා යන රටවල මරණ සංඛ්‍යාව අතිශය ඉහළ බව කියයි.



Recommended Articles