ඉබෝලා අවදානම තවම අවසන් නැති බව එක්සත් ජාතීන් කියයි


ලෝකය පුරා ඉබෝලා වෛරසය පැතිරීමේ දැවැන්ත අවදානම තවම සම්පූර්ණයෙන් පහව ගොස් නැති බව බටහිර අප්‍රිකානු කලාපයේ ඉබෝලා පිටුදැකීම වෙනුවෙන් වූ එක්සත් ජාතීන්ගේ කණ්ඩායමේ ප්‍රධානියා කියයි.

ටෝනි බැන්බරි නම් වූ ඔහු පවසා සිටින්නේ ඉබෝලා වැළඳුණු සියලු දෙනා වෙනුවෙන් නිසි ප්‍රතිකාර ලබාදීම හා ඉබෝලා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවන් ආරක්ෂිතව භූමදාන කිරීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයන් බවයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා මෙම අදහස් පළ කළේ ඉබෝලා දැඩිව බලපවත්වන ෆ්‍රීටවුන් නගරයේ සිටය.

මේ අතර, ඊයේ වනවිට සියෙරා ලියෝන් හි ඉබෝලා මරණ වෙනුවෙන්ම අලුත් සොහොන් බිම් තැනීමටත් කටයුතු කරමින් පැවතුණු බව කියැවෙයි.

 



Recommended Articles