ඉන්දු-පාකිස්තාන දේශසීමාවේ ඇති වූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 45ක් මියගොස් 70කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
ලාහෝර් නගරය ආසන්න දේශසීමාවේ මෙම බෝම්බ පිපිරීම සිදුව තිබේ.
පන්ජාබ් ප්‍රාන්තය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පවසා සිටියේ මියගිය පිරිස අතර දේශසීමා ආරක්ෂාවේ නිරත භටයන් තිදෙනෙකුද සිටින බවයි.
දේශසීමාවේ පාකිස්තානය පැත්තේදී පිපිරීම සිදුව ඇති අතර, එය දෙරට අතර වඩාත් ප්‍රකට දේශසීමා කපොල්ලක් වන වගාහ් ආශ්‍රිත ප්‍රදේශයකි.
තුවාල ලබා ඇති අයගෙන් 15 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතල බවද කියැවෙයි.