ඉන්දු-පාකිස්තාන ගංවතුරින් ජීවිත හානි තවත් ඉහළට


ඉන්දියාවට හා පාකිස්තානයට බලපා ඇති ප්‍රබල ගංවතුර තත්ත්වයත් සමග අහිමි වූ ජිවිත 375 දක්වා ඉහළ ගොස් ඇති බවත්, තවත් මිනිසුන් දහස් ගණනක් ගංවතුරට කොටුවී ඇති බවත් වාර්තා වෙයි.

පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරය ආශ්‍රිතව පමණක් මියගිය පිරිස 200කට ආසන්න බව පැවසෙන අතර, වගාබිම් දහස් ගණනක් ගංවතුරින් විනාශයට පත්ව ඇති බව පැවසෙයි.

මේ අතර, ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරය ආශ්‍රිතව මියගිය පිරිස 175කට ආසන්න බව වාර්තා වන අතර, ඉන් බහුතරය ජල පහරේ ගසාගෙන යෑම නිසා ජීවිතක්ෂයට පත්ව තිබේ.

 



Recommended Articles