ඉන්දු - පාකිස්තාන ගංවතුර බිලිගත් ජීවිත 200 ඉක්මවයි


දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඉන්දියාව හා පාකිස්තානය ආශ්‍රිතව ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 200කට අධික බව වාර්තා සඳහන් කරයි.

පාකිස්තාන පාලනයේ පවතින කාෂ්මීර් හා පන්ජාබ් ප්‍රාන්තවල පමණක් ජීවිත 110ක් පමණ ජල ගැලීම් හේතුවෙන් අහිමි වි තිබේ.

එමෙන්ම, තවත් ජීවිත 100ක් පමණ ඉන්දිය පාලනයේ පවතින කාෂ්මීර් ප්‍රාන්තයේදී අහිමි වී තිබේ.

බලධාරීන් පෙන්වා දෙන්නේ ගංවතුර කොතරම් ප්‍රචණ්ඩ වූයේද යත්, බොහෝ නිවාස ගංවතුරේ ගසාගෙන යමින්, තවත් දරණු නායයෑම් තත්ත්වයන්ද ඇති කළ බවයි.

දශක දෙකක කාලය තුළ මෙම කලාපය මුහුණ දෙන දරුණුතම ගංවතුර තත්ත්වය ලෙස මෙය සැලකෙයි.



Recommended Articles