ඉන්දු පාකිස්තාන ගංවතුරින් දැඩි හානි - ජීවිත රැසක් ජලයට බිලි


ඉන්දියාවට හා පාකිස්තානයට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට මිනිස් ජිවිත රැසක් අහිමි වි තිබේ.

පාකිස්තානයේ පමණක් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජීවිත 40ක් පමණ අහිමි වී ඇති අතර, පාකිස්තාන පාලනයේ පවතින කාෂ්මීරය හා පන්ජාබය දැඩි වර්ෂාපතනයකට මුහුණ දී සිටී.

මේ අතර, ඉන්දීය පාලනයේ පවතින කාෂ්මීරයේ පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

මෙම මියගිය පිරිසට ඊයේ දිනයේදි විවාහ උත්සවයක් වෙනුවෙන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථ අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත් 50කට ආසන්න පිරිස අඩංගු නොවෙයි.

දොහොරුවකට ගසාගෙන ගොස් තිබූ බස් රථයේ සිටි මගීන් හතර දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට හැකි වී තිබුණි. කෙසේ වෙතත් මියගිය පිරිස අතර මනාල යුවලද සිටින බව කියැවෙයි.



Recommended Articles