ඉන්දු පාකිස්තාන ආදර අන්දරය යථාර්ථයක් කරමින්, ඒ විවාහ මංගල්‍යය ඉන්දියාවේදී කිසිදු අපහසුවකින් හෝ බාධාවකින් තොරව පැවැත්වීම සඳහා විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් පහසුකම් සලසා තිබේ.
උතුරු ඉන්දියාවේ, ජෝද්පූර් හි ජීවත් වන නරේෂ් තෙවානි ඉන්දීය විදේශ අමාත්‍යවරියගේ උපකාර ඉල්ලා යැවූ ටිව්ටර් පණිවුඩයක් ඔහුට මේ අවස්ථාව ලබාදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
තම පාකිස්තාන මනාලිය වන ප්‍රියා බච්චානි හා ඇගේ පවුලේ අයට විවාහ මංගල්‍යය වෙනුවෙන් සහභාගි වීම සඳහා අවශ්‍ය වීසා පහසුකම් සලසන මෙන් ඔහු ට්විටර් පණිවුඩයක් හරහා ඔහු අමාත්‍යවරියගෙන් ඇයද සිට ඇත.
ඔහුගේ කතාවට සානුකම්පිතව ඇහුම්කන් දී ඇති විදේශ අමාත්‍යවරිය, පාකිස්තාන මනාලිය වන බච්චානි සහ ඇගේ පවුලේ ඥාතීන් 35 දෙනෙකුට සඳුදා පැවති විවාහ මංගල්‍යය සඳහා වීසා නිකුත් කිරීමට පහසුකම් සලසා තිබේ.
කාශ්මීර අර්බුදය මූලික කරගෙන ඉන්දු - පාකිස්තාන නොහොඳ නෝක්කාඩුකම් උත්සන්න වී ඇති අවස්ථාවේ ඉන්දීය විදේශ අමාත්‍යවරියගේ මැදිහත් වීම නරේෂ් හා බච්චානි විවාහය අතිශය සුන්දරව පැවැත්වීමට මග පාදා ඇත.