ඉන්දුනීසියානු ජාතික මෙහෙකාරිය වද බන්ධනයට ලක්කරමින්, ඇයට නිසි පරිදි වේතන නොගෙවා සිටි හොංකොං කාන්තාවකට වසර 6ක සිර දඬුවම් නියම වී තිබේ.
ලොව් වැන් ටන්ග් නමැනි හැඳින්වෙන මෙම කාන්තාව සිය මෙහෙකාරියට දරුණු ලෙස පහරදී ඇති අතර, ඇයට නිසි පරිදි වේතනයන්ද ගෙවා නොමැති බව උසාවියේදී ඔප්පු වී තිබේ.
එර්වියානා සුලිස්ටයානි නමින් හැඳින්වෙන මෙහෙකාරිය හදිසි ප්‍රතිකාර සඳහා පසුගිය වසරේදී නැවත ඉන්දුනීසියාව වෙත ගෙන්වා ගත් අවස්ථාවේදී ලෝකයේම අවධානයට ලක්විය.
ඒ අනුව, මෙම නඩු විභාගය ඇරඹුණු අතර, හොංකොං කාන්තාව විසින් සිය මෙහෙකාරියට පහරදෙමින්, ඇයට ආහාර පාන පවා නොදී ක්‍රෑර ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ.