ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්රිත ජෙම්බල්න්ග් ගම්මානයේ සිදුවූ නායයෑමකින් ජීවිත හානි 51ක් සිදුව ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
පසුගිය සිකුරාදා දිනයේ සිදුවූ මෙම නායයෑමෙන් තවත් පුද්ගලයන් 50 දෙනෙකු පමණ අතුරුදන්ව සිටින බවත් වාර්තා වෙයි.
මුදාගැනීමේ සහන කණ්ඩායම්වල මැදිහත්වීමෙන් ජීවිත බේරාගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද කියැවෙයි.
කෙසේ වෙතත් ඊයේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් තාවකාලිකව නවතා දැමුණු නමුත්, නැවතත් මෙහෙයුම් ආරම්භ වී තිබේ.
කෙසේ වෙතත්, මේ වනවිට අනතුර සිදුව දින කිහිපයක් ගතවී ඇති බැවින් නිරුපද්‍රිතව පුද්ගලයන් බේරාගැනීමට ඇති හැකියාව අවම බව මුදා ගැනීමේ කණ්ඩායම් පවසයි.