ඉන්දුනිසියාවේ සුරබයා නගරයේම පොලිස් මූලස්ථානය ඉලක්ක කරගෙන තවත් පස් දෙනෙකුගෙන් යුතු IS ඉස්ලාම් රාජ්‍ය හා සම්බන්ධ පවුලක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එවැනිම පවුලක් එකතුව එරට දේවස්ථාන තුනක් ඉලක්ක කරමින් පසුගියදා ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව මෙම දෙවැනි පවුල් IS ප්‍රහාරය එල්ල වී ඇත.
යතුරුපැදි දෙකකින් පැමිණි මෙම ප්‍රහාරකයන් අතර සිටි එම පවුලේ 08 හැවිරිදි දැරියගේ පමණක් දිවි බේරී ඇති බව පොලීසිය පවසයි.
මෙම ප්‍රහාරයේදී පොලිස් මූලස්ථානය වෙත පැමිණි ප්‍රහාරකයන් රැගත් යතුරුපැදි එහි පොලිස් මුරපොළ ඉදිරිපිටදී මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කර ඇත.
එහිදී, පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරයි.