ඉන්දුනීසියා දේවස්ථාන තුනකට ප්‍රහර -11ක් නසී


ඉන්දුනීසියාවේ කතෝලික දේවස්ථාන තුනක් ඉලක්ක කරමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ත්‍රිත්වයකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දුනීසියාවේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන සුරබයා හිදී මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර, තවත් 40කට ආසන්න පිරිසක් ප්‍රහාරවලින් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

එක් බෝමබ ප්‍රහාරයක් එල්ල වී මිනිත්තු කිහිපයක් ඇතුළත තවත් බෝම්බයක් ලෙස ඉතා කෙටි කාල පරාසයක් තුළ මෙම ප්‍රහාර තුනම එල්ල වී තිබේ.

කෙසේ වෙතත්, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නොමැති බව කියැවෙයි.

බහුතර මුස්ලිම් ජනතාවක් වෙසෙන ඉන්දුනීසියාව තුළ පසුගිය කාලය පුරාවට ඉස්ලාමීය අන්තවාදී කොටස්වල නැගිටීමක් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඉන්දුනීසියානු බුද්ධි අංශ පවසන්නේ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ආභාසය ලැබූ ජෙමාහ් අන්ෂරූට් දලූලාහ් සටන් කණ්ඩායම මෙම ප්‍රහාරය පසුපස සිටින බව විශ්වාස කරන බවයි.

1_Bombs 2 3



Recommended Articles