ඉන්දුනීසියා ගිනිකෙළි ගින්නෙන් 23ක් මරුට


ඉන්දුනීසියාවේ, ගිනිකෙළි කර්මාන්ත ශාලාවක ඇති වූ පිපිරීමකින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

එරට වේලාවෙන් උදෑසන 9.00ට පමණ, ජකාර්තා නුවර ටැන්ගෙරෑන්ග් කර්මාන්ත පුරයේදී මෙම කර්මාන්ත ශාලා අනතුර සිදුව ඇත.

පළාත් පොලිස් ප්‍රධානියා පවසා සිටියේ සිද්ධියෙන් විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙමින් පැවති බවයි.

කර්මාන්ත ශාලාව පිහිටි ප්‍රදේශය ඝන දුමාරයකින් වැසී ඇති ආකාරය රූපවාහිනී ප්‍රවෘත්තිවල විකාශය වී තිබේ.

ගිනි නිවන හමුදාව පවසා සිටියේ මේ වනවිට ගින්න මැඬපැවැත්වීමට සමත්ව සිටියත්, සිද්ධියෙන් සිදුවූ ජීවිත හානි සහ තුවාල ලැබූ පිරිස පිළිබඳ අවසන් සංඛ්‍යාලේඛනයක් ලබාදිය නොහැකි බවයි.

1_fireworks2



Recommended Articles