ඉන්දුනීසියාවේ ඉස්ලාම් පූජකවරියන් විසින් එරට සිදුකෙරෙන ළමා විවාහවලට එරෙහිව පෙර නොවූවිරූ ෆට්වා නියෝගයක් නිකුත් කර තිබේ.
එරට ඉස්ලාම් පූජකවරියන්ගේ සහභාගිත්වයෙන් පැවති තෙදින සම්මන්ත්‍රණයකින් අනතුරුව නිකුත් කරන ලද අදාළ
මෙවැනි ෆට්වා නියෝගයකට එරට තුළ නෛතික තත්ත්වයක් නොමැති නමුත්, එය ළමා විවාහ සම්බන්ධයෙන් බලපෑමක් සිදුකළ හැකි ප්‍රබල සාධකයක් වනු ඇති බව කියයි. එරට ඉස්ලාම් පූජකවරියන්ගේ සහභාගීත්වයෙන් පැවති තෙදින සමුළුවකදී මෙම නියෝගය පනවා තිබේ.
ඒ අනුව, මෙම පූජකවරියන් විසින් එරට රජයෙන් දැඩිව ඉල්ලා සිටින්නේ දැනට කාන්තාවක් නෛතිකව විවාහ දිවියට ඇතුළත් විය හැකි අවම වයස අවුරුදු 16 සිට අවුරුදු 18 දක්වා වැඩි කළ යුතු බවයි. ඒ අනුව, මෙවැනි ෆට්වා නියෝගයක් යනු ඉස්ලාමීය රටවල ආගමික කරුණක් සම්බන්ධ අධිකාරිත්වයක් ඇති නියෝගයක් ලෙස සැලකෙයි.
ලොව මුස්ලිම්වරු බහුතරයක් ජීවත්වන රාජ්‍ය ලෙස ඉන්දුනීසියාව යනු ලෝකයේ ළමා විවාහ වැඩි ප්‍රමාණයක් සිදුවන රට ලෙසද සැලකෙයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) වාර්තාවලට අනුව ඉන්දුනීසියාවේ කාන්තාවන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු විවාහ වන්නේ වයස අවුරුදු 18 ට අඩුවෙනි.
ජාවා දූපතේ පැවති මෙම සමුළුව මුස්ලිම් පූජකවරියන්ගේ සහභාගීත්වයෙන් පැවති ප්‍රථම ප්‍රධාන හමුව ලෙස සැලකෙන අතර, මෙවැනි ෆට්වා නියෝග ඉන්දුනීසියාව තුළ නිතර ප්‍රකාශයට පත්වුවත් සාමාන්‍යයෙන් එවැනි නියෝග නිකුත් කරනු ලබන්නේ සම්පූර්ණයෙන් පුරුෂයන්ගෙන් සැදුම්ලත් උලමා සභාව විසිනි.
"ඉස්ලාමීය පරිසරය තුළ කාන්තාවන්ට මුහුණදීමට සිදුවන බාධා සහ ගැටලු සම්බන්ධයෙන් මේ පූජකවරියන් හොඳින්ම දන්නවා. මේ දරුවන් ආරක්ෂා කර ගන්න ආණ්ඩුව ක්‍රියාමාර්ග ගන්නා තුරු සිටිය යුතු නැහැ, අපිට ක්‍රියාමාර්ග ගත හැකියි" යනුවෙන් එම සමුළුව සංවිධානය කළ නිනික් රහායු පවසා සිටියාය.