ඉන්දීය සොල්දාදුවා සහෝදර සෙබලුන් වෙඩි තබා මරලා


මධ්‍යම ඉන්දියාවේ හමුදා නිලධාරියෙකු තම කඳවුරේ සිටි සහෝදර සොල්දාදුවන් පිරිසකට වෙඩි තබා සිව්දෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකර තිබේ.

එරට පාර්ලිමේන්තු මධ්‍යම ආරක්ෂණ හමුදා බලමුළුවේ සාමාජියෙකු වන මෙම සොල්දාදුවා තමන් සමග වාදයකට පැටලුණු සෙබලුන්ට මෙසේ වෙඩි තබා ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

සිද්ධියට සම්බන්ධ සොල්දාදුවා මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු 35 හැවිරිදි සනාත් කුමාර් ලෙස හඳුනාගෙන තිබේ.

ඔහු මෙම ඝාතන සිදුකිරීමට ඒකේ-47 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් භාවිත කර ඇත.

ඉන්දියාවේ, චාටිස්ග්‍රාහ් පාන්තයේ, බයිජාපූර් හි බාසුගූඩා හමුදා කඳවුරේ සිටි මෙම සොල්දාදුවන්, එරට මාවෝවාදි කැරලිකරුවන්ට එරෙහි මෙහෙයුම් සඳහා යොදවා තිබූ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

1_Soldier



Recommended Articles