ඉන්දීය රූපවාහිනී නාලිකා නේපාලයේදී අවහිර කරලා


නේපාලයේ කේබල් රූපවාහිනී නාලිකා එරට විකාශය වන ඉන්දියානු නාලිකා 42ක් අවහිර කර ඇති බව වාර්තා වෙයි.

නේපාලයේ සිට ඉන්දියාව බලා ගමන් කළ ලොරි රථ පෙළක් දෙරටේ දේශසීමාවල රඳවා තබාගැනීමට විරෝධය දක්වමින් ඔවුන් මෙම පියවර ගෙන තිබේ.

නේපාලයේ නව ව්‍යවස්ථාවට ඉන්දියාව තුළ දැඩි විවේචනයක් පවතී.

කෙසේ වෙතත්, ලොරි රථවලට අවහිරයක් නොකළ බව පවසන ඉන්දියාව, ආරක්ෂක හේතූන් මත එය රඳවා තබාගෙන ඇති බව කියයි.



Recommended Articles