ඉන්දීය බේකරි නිෂ්පාදනවල පිළිකාකාරක රසායනිකයක්


බේකරි නිෂ්පාදනවලදී පිළිකා කාරක රසායනික භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඉන්දියාවේ ආහාර පිළිබඳ බලධාරීන් කටයුතු කර තිබේ.

ඉන්දියාවේ දිල්ලි නගරය පුරා බේකරි නිෂ්පාදන පරීක්ෂා කිරීමේදී එම නිෂ්පාදනවලින් 84%කට වැඩි ප්‍රමාණයක පොටෑසියම් බ්‍රෝමේට් රසායනිකය හමුවීමත් සමග ඉන්දීය ආහාර තත්ත්ව ආරක්ෂණ අධිකාරි මෙම පියවර ගෙන ඇති බව බී.බී.සී.ය පවසයි.

ඔවුන් සිදුකළ අධ්‍යයනයේදී මෙම රසායනිකය පිළිකාකාරයක් ලෙස හඳුනාගෙන ඇති බවත්, ඒ අනුව, පිළිකාකාරක රසායනිකය බේකරි නිෂ්පාදනවලින් ඉවත්කළ යුතු බවට වූ නිවේදනය නිකුත් කළ බවත් එම අධිකාරිය වැඩිදුරටත් පවසා තිබේ.



Recommended Articles