ඉන්දියාවේ පොලිස් සේවය වෙත ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කර ඇතුළු වීමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
එහිදී, තම ශාරීරික යෝග්‍යතා අනිවාර්ය පරීක්ෂණය වෙනුවෙන් වෙනත් පුද්ගලයන් ඉදිරිපත් කර ඇති සිදුවීම්ද වාර්තා වී ඇති බවද බිහාර් ප්‍රාන්ත පොලීසිය පවසයි.
එමෙන්ම අලුතින්ම පොලිස් සේවයට බැඳීම සඳහා අයදුම් කළ අය අතරින් ව්‍යාජ ලේඛන සකස් කළ අයද මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.
බිහාර් ප්‍රාන්තය මෙවැනි වංචනික ක්‍රියාවලට ප්‍රසිද්ධියක් උසුලන අතර, මීට සති කිහිපයකට පෙර විභාග ප්‍රශ්නපත්‍ර වෙනත් අය ලවා ලිවීමට උත්සාහ කළ පිරිසක්ද අත්අඩංගුවට පත්විණි.
එමෙන්ම, පාසල් වාර පරීක්ෂණයක් අතරතුර පාසල් සිසුන් වෙත උත්තර පත්‍ර ලබාදී වංචා කිරීම සම්බන්ධයෙන් දෙමවුපියන් පිරිසක්ද අත්අඩංගුවට පත්විය.