ඉන්දීය පොලීසියට කැටපෝල


ජනතා උද්ඝෝෂණ හා විරෝධතා පාලනය සඳහා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ පොලීසිය වෙත කැටපෝල ලබාදී තිබේ.

ප්‍රාන්තයේ උද්ඝෝෂණ පාලනය කිරීම සම්බන්ධයෙන් වරින්වර ඉදිරිපත් වූ චෝදනා හේතුවෙන් මෙසේ එම පොලීස් නිලධාරීන් වෙත කැටපෝල පුහුණුව ලබාදී ඇති බව කියයි.

එම ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානී අභිෂේක් ජෝර්වාල් පවසා සිටියේ විශේෂ පර්යේෂණයන්ගෙන් පසුව පොලීසියට ගැළපෙන ලෙස මෙම කැටපෝල නිර්මාණය කළ බවයි.

එමෙන්ම, විරෝධතාකරුවන්ට එරෙහිව මාරාන්තික අවියක් භාවිත කිරීමට වඩා මෙය වඩාත් යෝග්‍ය බවද පොලීසියේ අදහසයි.



Recommended Articles