ඉන්දීය පූජකයෙකුට දඬුවම් දීමට විරුද්ධව ප්‍රචණ්ඩක්‍රියා


ඉන්දියාවේ මතභේදයට ලක්වූ හින්දු පූජකවරයෙකුගේ අනුගාමිකයන් සහ ප්‍රාදේශීය ආරක්ෂක හමුදාවන් අතර උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ හටගත් ගැටුම්වලින් පසු කාන්තාවන් හතර දෙනෙකුගේ සහ කුඩා දරුවකුගේ මළ සිරුරු පොලීසිය වෙත භාරදී ඇති බව වාර්තා වෙයි.

මිනීමැරුම් නඩු විභාගයකට අදාළව උසාවියට අපහාස කිරීම හේතුවෙන් අධිකරණයට අවශ්‍යව සිටි රම්පාල් මහාරාජ් නමැති හින්ඳු පූජකවරයෙකු රැඳවුම් භාරයට ගැනීමට පොලීසිය උත්සහ කිරීමේදී මෙම ගැටුම් ඇති වී තිබේ.

එහිදී මෙම පූජකයාගේ අනුගාමිකයන් විසින් පොලීසිය ආශ්‍රමයට ඇතුළු වීම වැළැක්වීමට උත්සාහ ගනිමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති අතර, අඟහරුවාදා ඇතිවූ ගැටුම්වලින් 200කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

කෙසේ වෙතත් එස කාන්තාවන්ගේ සහ කුඩා දරුවාගේ මරණයට හේතුව තවම පැහැදිලි නොමැති බවද කියයි.

 



Recommended Articles