ඉන්දීය ජාතික තරුණියක දූෂණය කළ බවට එරට ජනප්‍රිය පූජකයෙකු අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ෆල්හාරි මහරාජ් නමැති මෙම පූජක තැන විසින් රාජස්ථාන් ප්‍රාන්තයේ අල්වාර් නමැති ගම්මානයේ පිහිටි සිය ආශ්‍රමය තුළදී දූෂණය කර ඇත්තෙ 21 හැවිරිදි නීති ශිෂ්‍යාවක බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මෙම චෝදනා යටතේ අත්අඩංගුවට පත්වූ මෙම ජනප්‍රිය පූජක තැන වැරදිකරු වුවහොත් ඔහුට වසර 10ක සිර දඬුවමකට යටත් වීමට සිදුවන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
මීට පෙර ඉන්දියාව පුරා ආන්දෝලනයක් ඇති කළ ගුර්මීත් රාම් රාහීම් සිං නමැති පූජකවරයාට වසර 20ක සිර දඬුවමකට යටත්වීමට සිදුවූයේ ඔහු සිදුකළ ස්ත්‍රී දූෂණ ද්විත්වයක් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ වරදකරු වෙමිනි.
මෙවර අත්අඩංගුවට පත් ගුරු මහරාජ් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අල්වාර්හි පිහිටි රෝහලකට ඇතුළත් කළ බවත්, පසුගිය අගෝස්තු 07 වෙනිදා තමන් අතවරයට ලක් වූ බවට චෝදනා කරමින් අදාළ තරුණිය මහරාජ්ට එරෙහිව සැප්තැම්බර් 11 වැනිදා ගොනුකළ පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව මෙය අධිකරණ ක්‍රියාමාර්ගයක් දක්වා යොමුකළ බවත් පොලීසිය පවසයි.
එහිදී, මෙම නීති ශිෂ්‍යාව පවසා තිබුණේ දෙමවුපියන්ගේ ඉල්ලීමක් පරිදි මුදල් පරිත්‍යාගයක් සඳහා තමන් එම ආශ්‍රමයට ගිය බවයි. එහිදී, පූජක තැනගේ ඉල්ලීම පරිදි තමන් එහි රාත්‍රිය ගත කළ බවත්, එම අස්ථාවේදී තමන් අතවරයට පත්වූ බවත් මෙම තරුණිය පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක පැමිණිල්ලක් නොකරන ලෙස ගුරු මහරාජ් තමන්ට තර්ජනය කළ බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.