ඉන්දීය දේශපාලඥ පුතාට බලය පෙන්වලා


ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දේශපාලඥයෙකුගේ පුතෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් සිසුවෙකු මියයැමේ සිදුවීම ප්‍රාන්තය තුළ දැඩි කැලඹීමක් ඇති කර තිබේ.

රොකී යාදේව් නමැති 20 හැවිරිදි දේශපාලඥ පුතා ගයා නගරය ආසන්නයේදී මෙම ගැටුම ඇතිකර ගෙන තිබේ.

මේ අතර සිය පුතාට සහාය දැක්වීම සම්බන්ධයෙන් අදාළ තරුණයාගේ පියා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

බින්දේශ්වරී ප්‍රසාද් යාදේව් නමැති ඔහු පවසන්නේ අනෙක් මෝටර් රථයේ පැමිණි තරුණයා තම පුතාට පහරදීම නිසා මෙම සිදුවීම ඇතිවූ බවයි.

කෙසේ වෙතත්, තරුණයාගේ මව වන මනෝරාමා දේවි බියාර් ප්‍රාන්තයේ පාලක ජනතා දාල් රජයේ මන්‍ත්‍රීවරියකි.



Recommended Articles