ඉන්දීය ජාතික ආරක්ෂාවට තර්ජනයක්වූ රොහින්ග්‍යාවරු පිටුවහල් කිරීම හොඳයි -RSS


මියන්මාරයේ රොහින්ග්‍යා අර්බුදය සමග ඉන්දියාවට පැමිණෙන රොහින්ග්‍යා සරණාගතයන් රටින් පිටුවහල් කිරීමට ඉන්දීය රජය ගත් තීරණයට සහාය දක්වන බව ඉන්දීය හින්දු ජාතික සංවිධානය වන රශ්ත්‍රීය ස්වායම්සේවක් සංග් හි (RSS) සභාපති මෝහන් මධුකාර් භගවාත් පවසයි.

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයෙකු වන එල්.කේ.අද්වානි සහ අමාත්‍ය නිටින් ගඩ්කාරිගේ සහභාගීත්වයෙන් නාග්පූර් හි පැවති එම හින්දු ජාතික සංවිධානයේ වාර්ෂික රැස්වීම අමතමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

"නීතිවිරෝධී බංග්ලාදේශ සරණාගතයන් ඉන්දියාව වෙත පැමිණීමේ විශාල අර්බුදයකට අප මුහුණදෙමින් සිටියා. දැන් රොහින්ග්‍යා කණ්ඩායම්ද අප රටට කාන්දු වෙමින් තිබෙනවා. ඒ අනුව, රොහින්ග්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් ගනු ලබන සෑම තීරණයක්ම ගැනීමේදී, මේ අර්බුදය අපේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව සිහියේ තබාගනිමින් ගත යුතුයි." යනුවෙන් ඉන්දීය හින්දු ජාතික සංවිධානයේ සභාපතිවරයා පවසා ඇත.

පසුගිය අගෝස්තු මාසයේදී මියන්මාරයේ රඛයින් පළාතේ පොලිස් ස්ථාන 30ක් ඉලක්ක කරමින් රොහින්ග්‍යා සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරනලද ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස මියන්මාර රජයේ හමුදා ආරම්භ කළ දැවැන්ත හමුදා මෙහෙයුම මේ ආකාරයෙන් සාමාන්‍ය ජනතාව අසල්වාසී රටවලට පළායෑමට හේතු විය.

ඒ අනුව, ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරමින් අනවසරයෙන් ඉන්දියාවට ඇතුළුවන රොහින්ග්‍යා සරණාගතයන් යළි පිටුවහල් කිරීම සඳහා අවසර ඉල්ලා සිටියේ මෙම රොහින්ග්‍යා පිරිස ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත්, ඔවුන් පාකිස්තාන කේන්ද්‍ර කරගත් ත්‍රස්ත සංවිධාන සමග සබඳතා පවත්වන බවත් පෙන්වා දෙමිනි.

1_Rohingya 0 1_Rohingya 2 2



Recommended Articles