ඉන්දීය චිත්‍රපට ශාලාවල ජාතික ගීය වැයීම නවතී


ඉන්දීයාවේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට පෙර ජාතික ගීය වාදනය විය යුතු යැයි යන නියෝගය ආපසු හැරවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබේ.

විවාදයට තුඩුදී ඇති තීන්දුව සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස ඉන්දීය රජය කළ ඉල්ලීමකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ලබාදී ඇත.

පැවති තීන්දුව ඉන්දියාවේ විපක්ෂයටද පොහොර සැපයිය හැකි අවස්ථාවක් වූ අතර, ජාතික ගීය වාදනය වන අවස්ථාවේදී අසුනෙන් නොනැගිටි අයට පහරදීම් සම්බන්ධයෙන්ද වාර්තා විය.

කෙසේ වෙතත්, මේ තීන්දුව සම්බන්ධයෙන් එරට සිනමා කර්මාන්තය තුළ දැඩි කතාබහක් ඇති වූ අතර, එහි ප්‍රායෝගික භාවිතය සම්බන්ධයෙන් නොයෙක් ප්‍රශ්න කිරීම් මතු වූ වටපිටාවක එම තීන්දුව මෙසේ නැවත හැරවී තිබේ.

1_India



Recommended Articles