ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ආපන ශාලාවක 12 වැනිදා සිදුවූ දැවැන්ත පිපිරීම ගෑස් කාන්දුවක් නොවන බවත්, ඒ ආසන්නයේ වූ ඩෙටනේටර් තොගයක් බවත් මේ වනවිට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
මෙම අනතුරින් මියගිය පිරිස මේ වනවිට 90 දක්වා ඉහළ ගොස් තිබුණු අතර, සිද්ධිය වන අවස්ථාවේදී පාසල් දරුවන් හා කාර්යාල සේවකයන් විශාල පිරිසක් එහි උදෑසන ආහාරය ගනිමින් සිටි බව පැවසෙයි.
මෙම පිපිරීමෙන් ආපන ශාලාවට මෙන්ම ඒ අවට ගොඩනැගිලිවලට බරපතල හානි සිදුවී ඇති අතර, ආපන ශාලාවේ හිමිකරුවාද ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය කියයි.
මෙම ඩෙටනේටර් තොගය පතල් කැනීම් සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් බව පොලීසිය කියයි.