ඉන්දීය අගමැතිවරයෙක් වසර 15කට පසු කාශ්මීරයේ කාර්ගිල් වෙත යයි


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කාශ්මීරයේ කාර්ගිල් නගරයේ සංචාරයක යෙදී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මතභේදයට තුඩුදී ඇති කාශ්මීරයේ කාර්ගිල් නගරය වෙත ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු මෙසේ සංචාරය කරන්නේ වසර 15කට පසුවය.

වර්ෂ 1999 දී ඉන්දියාව හා පාකිස්ථානය අතර කාර්ගිල් ප්‍රදේශයේ සිදු වූ සටන්වලින් දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

කෙසේ වෙතත් මේ වනවිට, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මග පෙන්වීම යටතේ කාශ්මීරයේ ඉන්දීය පාලනයේ පවතින ප්‍රදේශය තුළ බලශක්ති ව්‍යාපෘති දෙකක් ආරම්භ කෙරෙන බව පැවසෙයි.

එහිදී මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට සහභාගි වූ අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ, සංවර්ධනය කරා පියනගන මාවතට සියලු දෙනා එක් කර ගැනීමට තමා අවශ්‍යතාව බවයි.

නරේන්ද්‍ර මෝදි, අග්‍රාමාත්‍ය පදවිය භාර ගැනීමෙන් පසු ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ සිදු කළ දෙවැනි සංචාරය ලෙස මෙය සැලකෙයි.

 



Recommended Articles